පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ අලුත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අද (27) දින පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන සහල් මෝල් සහ අනෙකුත් සහල් මෝල්වල පවතින තොග සංචිත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පරික්ෂාවට ලක්කළ බව සඳහන් වේ.

එහිදී, සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් සොයා බැලූ බව වාර්තා වේ. වී ගබඩාවල ඇති තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සඳහන් වේ. පාරිභෝගික සේවා අධිකාරයේ නිලධාරීන් එම කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර, පොළොන්නරුව,  මින්නේරිය,  ඇතුමල්පිටිය සහ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවල තොග මෙන්ම සහල් තොග පිළිබදව දත්ත ලබා ගැනීමට ඔවුන් පියවර ගත් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...