දවසේ ශ්‍රී ලංකාව දිනූ දෙවන ආසියානු අනු සූරතාවය නැඟී එන ක්‍රිකට් කණ්ඩායමට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 28,(LNW) කොළඹ :

ආසියානු අනු සූරියන් ලෙස ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම තේරි පත් වී පැය තිහිපයකින් ශ්‍රී ලංකා නැඟී එන ක්‍රීකට් කණ්ඩායමද ආසියානු අනු සූරයන් වුණා.එම සූරතාවය දෙවරක් දිනා සිටියත් ශ්‍රී ලංකාව අවසාන තරගයකට පැමිණියේ සූරතාවය ලබා ගෙවුණු තරගාවලි දෙකක් පසු කළ පසුවයි.ඒ නිසා අවසාන තරගයකට පිවිසීම වැදගත් අවස්ථාවක් වුවත්,ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා සහ පන්දු යවන්නන් යොදා ගැනීමේදී සිදු වූ එක් වැරදිමක් නිසා ශ්‍රී ලංකාවට සූරතාවය කරා යන්නට හැකි වුණේ නැහැ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු පන්දු ඕවර් 6 අයත් වන ‘පවර් ප්ලේ‘ සීමාව තුළ ලකුණු 25 ට කඩුලු 4 ක් අහිමි කර ගන්නවා.එතැන සිට මන්දගාමී කඩුලු අහිමි ලකුණු පූවරුව සහන් ආරච්චිගේ සහ පවන් රත්නායක විසින් ලකුණු 65 දක්වා ඔසවා උතබන්නේ පස්වන කඩුල්ලට ලකුණු 50 ක සබඳකායක් ඇති කරමින්.පවන්ගේ දැවී යාමට තුඩු දුන් හදිසිය අනුමත කරන්න බැහැ.වඩාත් විශ්වාසයෙන් පිත්ත හසුරුවමින් සිටි පවන් ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියා.


නිමේශ් විමුක්ති ද ලකුණු 23 ට දැවී ගියේ දුවන්නට ගොස් වන අතර සහන් ආරච්චිගේ හුදකලාව පන්දු 47 ට මුහුණ දෙමින් නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම කඩුලු 7 ට ලකුණු 133 ක් දක්වා ඔසවා තබන්න සමත් වුණා.ශ්‍රී ලංකා ඉණිමට බාධා කළ ප්‍රධානම පන්දු යවන්නන් වූයේ ඇෆ්ගනිස්තානයේ අල්ලාහ් ගෂන්ෆාර් (14/2) සහ බිලාල් සාමි (22/3) දෙදෙනායි.ඒ අතරින් ගෂන්ෆාර් තරගයේ වීරයා ලෙස ද නම් කරනු ලැබුවා.
ඇෆ්ගනිස්තාන පිතිකරණයේ පළමු පන්දුවෙන්ම සුභයිද් අක්බාරි දවා ගන්නට සහන් ආරච්චිගේ සමත් වුණා.ඉනික්බිති එම පීඩනය එක දිගට කළමණාකරණය කරගෙන පැමිණියද,වේග පන්දුව සඳහා පළමු කැඳවීම ලෙස ඒෂාන් මාලිංග වෙනුවට නිපුන් රංසික කැඳවීම නිවැරදි වූයේ නැහැ.ඔහුගේ එක පන්දු ඕවරයට ලකුණු 19 ක් ලබා ගැනීමත් සමග ඇෆ්ගනිස්තානය තුළ විශ්වාසය වර්ධනය වීමට සාපේක්ෂව ශ්‍රී ලංකාව දෙසට පිඩනය ද හැරුණා.විශේෂයෙන් පන්දුවෙන් එල්ල වෙන පීඩනය මැඩ ගෙන තරගාවලියේ තමන් මුහුණ දුන් සියළුම තරගවලදී ලකුණු 50 ඉක්මවා වාර්තා කරන්නට සමත් වූ සෙදිකුල්ලාහ් අටල් අවසාන තරගයේදී ද පන්දු 55 දී නොදැවී ලකුණු 55 ක් ගෙන නොදැවී සිටියා.


කඩුලු 3 ක් ඇෆ්ගනිස්තානයෙන් උඳුරා ගත්ත ද,පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දුර්වල වුණා.කල්පනාවෙන් පන්දු යැවීමට ඔවුන් උත්සාහ නළේ නැහැ.දුෂාන් හේමන්ත,ඒෂාන් මාලිංග මෙන්ම සහන් ආරච්චිගේද කඩුලු දවා ගැනීමට සමත් වුණා.ලකුණු 133 ක් රැක ගැනීම සඳහා වන ක්‍රියාවේදී පන්දු යැවීමේ උපායශිලීත්වයට කඩුලු ලබා ගැනීම මෙන්ම ලකුණු නොදී සිටීමද වැදගත් වෙනවා.විශේෂයෙන් ඒෂාන් මාලිංග ලකුණු නොදී ඇති කළ පීඩනය හරහා කරීම් ජනාත් ගොඳුරු කර ගැනීම ඊට උදාහරණයක් ලෙස දැක්විය හැකියි.
එසේම ලකුණු ලබා නොදී පීඩනය එල්ල කරන ආකාරයේ ආක්‍රමණික පන්දු පිටියක් කෙරෙහිද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී තිබුණේ නැහැ.

විශේෂයෙන්ම සෙදිකුල්ලාහ් මෙම තරගයේදී සිය ඉණිම පුරා වැඩි අවධානයක් යොමු කරේ දිගු පහරවලට යාම වෙනුවට එක ලකුණ බැඟීන් ලබා ගැනීමටයි.එය වළක්වා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළේ නම් දිගු පහරවලට පොළඹවා ඇෆ්ගන් පිතිකරුවන් දවා ගැනීමට ඉඩක් තිබුණා.තරගාවලිය පුරා ලකුණු සමඟ සිටින කණ්ඩායමකට ලකුණු 133 ක් රැක ගැනීම සඳහා සටන් කරද්දි තරගය කොයි අතට පෙරලේද කියන කාරණය ගැන නිශ්චිතව කිව නොහැකි නමුත් ඊට අභියෝග කිරීමේදී එක ලකුණට හෝ අභියෝග කිරිම වැදගත් වෙනවා.
මේ සමඟ දක්වන්නේ ලකුණු සටහනයි. https://es.pn/48mbC8c

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...