උතුරු දුම්රිය මාර්ගය අද සිට ගමන් ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

අද (28) සිට නැවතත් , ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් කරමින් සඳහන් කළේය.

අද දින පෙරවරු 5.45ට සහ පස්වරු 1.45ට කොළඹ කොටුවේ සිට අනුරාධපුර සහ කන්කසන්තුරේ බලා ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් ධාවනය කරනු ලබන බවත්, හෙට දින (29) කන්කසන්තුරේ සිට අනුරාධපුර සහ කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතව තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර කොටසේ දුම්රිය ධාවනය කරනු අවස්ථාවන්හිදී දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව එම මාර්ග භාවිතා කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...