*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අපිට අහිමි වන දේ

මේ දිනවල අපට සිදු වන අහිමිවීම්, අලාභයන් හා පරාජයන් ගැන කිසිවකුගේ අවධානය යොමු නොවන බව පෙනෙයි. වැඩි දෙනකුගේ දෑස් යොමු වී ඇත්තේ රටේ තැන තැන පැවැත්වෙන උද්ඝෝෂණ හා පෙළපාලි වෙතය. තරුණ පරම්පරාව උන්මාදයකින් මෙන් ඒ වෙත නැඹුරු වන බව ද දැකගත හැකිය. මේ අතර, රටේ ආර්ථිකයට වැදගත් බොහෝ ක්ෂේත්‍ර අඩාළ වන්නට පටන්ගෙන තිබේ. සංචාරක කර්මාන්තය ඊට එක් නිදසුනකි. උද්ඝෝෂණ පැවති පසුගිය දින දහය තුළ සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන පන්සිය හතළිස් දෙකයි දශම පහක් අහිමි වී ඇත. කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙමෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ පසුගිය මාස කිහිපය තුළය.

2022 වන විට සෑම මාසයකම ලක්ෂයකට ආසන්න සංචාරකයෝ පිරිසක් රටට පැමිණියහ. එය ක්‍රමයෙන් වර්ධනය විය. මාර්තුවලදී රටට පැමිණි සංචාරකයන්ගේ ගණන එක්ලක්ෂ හයදහස් පන්සියයකි. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් ලෝක වසංගතය නිසා බිංදුවට වැටුණු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට ගැනීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, විශාල පරිශ්‍රමයක් දැරීය. ඔහු නව උපායමාර්ග භාවිත කරමින් සංචාරක ආකර්ෂණය අපේ රට වෙත යොමු කර ගැනීමට බලවත් වෙහෙසක් දැරූ බව සිහිපත් කළ යුතුය. සැබෑවටම එහි ප්‍රතිඵලය යහපත්ය.

දිනෙන් දින සංචාරක කර්මාන්තය වර්ධනය විය. එහෙත් යළි එය, කඩාවැටීම බලවත් පාඩුවකි.
කැරලි කෝලාහල, විරෝධතා හා වැඩවර්ජන පවතින රාජ්‍යයන්හි සංචාරයෙහි නිරත වීමට විදේශිකයන් කැමති වන්නේ නැත. ඉන්දියාවෙන් විශාල සංචාරකයෝ පිරිසක් ශ්‍රී ලංකාවට එති. ඉදිරි මාස සඳහා සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා සංචාර ගණනාවක් අත්හිටුවා ඇති බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවට මේ වසර තුළ විදේශීය සංචාරකයන් ලක්ෂ විසිතුනක් රටට ගෙන්වා ගැනීමටත් ඒ ඔස්සේ ඩොලර් බිලියන දෙකයි දශම තුනකට වැඩි ආදායමක් ලැබීමටත් අදාළ ආයතන සැලසුම් කර තිබිණි. එහෙත් මේ වන විට එය අභියෝගයට ලක් වී ඇත. රටේ ආර්ථික අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟයයි. නැත හොත් ඩොලර් ආදායම අඩු වීමයි. අපට අවශ්‍ය විදේශ විනිමය උපයාගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය හැඳින්වේ.

ඩොලර් එකින් එක උපයා ගත යුතු කාලසීමාවක් කරා අප පැමිණි තිබුණ ද සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ඩොලර් මිලියන ගණනින් අපට අහිමි වෙයි. තවත් විටෙක පාඩු ලබයි. සංචාරක ක්ෂේත්‍රය පමණක් නොව ජාතික ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් මෙලෙස අභියෝගයට ලක් වී ඇත. ඒවා ගණනය වී නැති අතර, විරෝධතා නිසා මිනිසාට අහිමිවන වැඩ කරන පැය ගණන කිසිදා ගණනය වන්නේ නැත. විරෝධතාකරුවෝ තමාගේ කාලය හා ශ්‍රමය පමණක් නොව සමස්ත සමාජයේම කාලය හා ශ්‍රමය කා දමති. මේවායෙහි අතුරු ප්‍රතිඵල ලැබෙන විට ආර්ථික අර්බුදය තවත් උත්සන්න වෙයි.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan