අනාගත ආර්ථික අභියෝග ජයගැනීමේ නව සැලසුමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

අද (28) පස්වරුවේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී , කොළඹ වාණිජ නගරයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් , අනාගත ආර්ථික අභියෝග ජයගැනීමේ නව සැලසුම් පිළිබඳවද අවධානයට ලක් වී තිබුණ බව සඳහන් වේ.

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පෝර්ට් සිටි කලම්බෝ සමාගම රුපියල් මිලියන තුනක මුදල් පරිත්‍යාගයක් ද මෙහිදී සිදු කර තිබෙන බව වාර්තා වේ.

පෝට් සිටි කලම්බෝ සමාගමේ සහකාර කළමණාකාර අධ්‍යක්ෂ ෂියන් නන් (නියෝ) (Xian Nan(Neo)) මහතා ද මෙම අවස්ථාවට එක් වී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...