දිවාලි උත්සවයට පෙරාතුව ඝන දුමාරය උතුරු ඉන්දියාවේ හා නැගෙනහිර පකිස්ථානයේ හුස්ම හිර කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිවාලි උත්සවය ආරම්භ වීමට දින කිහිපයකට පෙරම උතුරු ඉන්දියාව සහ නැගෙනහිර පකිස්ථානය විෂ සහිත ඝන දුමාරයකින් වැසි ඇති බව වාර්තා වේ.

ගෝලීය වාතයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කරන IQAirට ආයතනයට අනුව, දිල්ලියේ වායු තත්වය ඉතා සෞඛ්‍ය සම්පන්න නොවන බවත්, පකිස්ථානයේ ලාහෝර්හි වායු තත්ත්වය අනතුරු දයක් සීමාව ඉක්මවා ගිය බව ද සඳහන් කර තිබිණ.

ඒ අනුව, IQAir සඳහන් කර තිබුණේ, සෞඛ්‍ය සම්පන්න වාතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මෙන් 65 ගුණයක් පමණ මෙම වායු දුෂනයව ඇති බවයි.

ගොවීන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය පුළුස්සා දැමීම, ගල් අඟුරු බලාගාර වලින් පිටවන වායුන්, කැලි කසල, ගමනාගමනය හේතුවෙන් මෙම කලාපයේ කලාපය පුරා වාතයේ ගුණාත්මක භාවය මේවන විට නරක අතට හැරී ඇති අතර දීවාලි උත්සවය ආරම්භ වීමත් සමඟ රතිඤ්ඤා පත්තු කිරීම් හා ගිනිකෙළි සංදර්ශන හේතුවෙන් වායු දූෂණය තවදුරටත් උග්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ,

ඉන්දියානු අගනුවර වායු දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මාර්ගවල ජලය ඉසීමට සහ කෘතිම වර්ෂාපතනය ඇති කිරීමට කටයුතු කර ඇති මුත්, ඉන්දියාවේ වායු දූෂණය කෙතරම් නරකද යත්, දුමාරය වසර මිලියන සිය ගණනකගේ ජීවිත අහිමි විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...