”විමුක්තියෙන් පසු : 75 වසරක චීන සංවර්ධනය” – විශේෂ ජායාරූප ප්‍රදර්ශනය

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමය (SLCFA) විසින් විශේෂ ජායාරූප ප්‍රදර්ශනයක් අද (28) සහ හෙට (29) යන දිනයන්හි කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී සංවිධානය කර තිබේ.

එම ප්‍රදර්ශනයේ සමාරම්භය අද (28) දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යු ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

”විමුක්තියෙන් පසු : 75 වසරක චීන සංවර්ධනය” යන තේමාවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. මෙරට චීන තානාපති කාර්යාලයේ මඟපෙන්වීම මත මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන බවයි එහි සංවිධායකයින් නිවේදනය කරන්නේ.

1949 චීන විප්ලවයේ සිට චීනයේ කැපී පෙනෙන ඓතිහාසික සිදුවීම් අවස්ථා ප්‍රදර්ශනය කරන මෙම ප්‍රදර්ශනය චීන ඉතිහාසය කියාපාන සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකියි.

යටිතල පහසුකම් සංවර්ධනය, තාක්ෂණය සහ සමාජ සංවර්ධනය යන පැතිකඩ ඔස්සේ චීනය මේ වන විට ගෝලීය නායකත්වය සපයන රටක් ලෙස පරිවර්තනය වී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු 75 වසරක චීනය දිනාගත් නවීකරණය,කාර්මිකකරණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙම ජායාරූප ප්‍රදර්ශනය මඟින් දැකගත හැකියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...