නොවැම්බර් 14න් පස්සේ මේ රටේ වැඩවර්ජන ඉතිහාසය අවසන් – වෘත්තීය සමිතිවලට කරන දේ NPP ලක්ෂ්මන් කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැඩවර්ජන නිසා ජනතාව අපහසුතාවට පත්වූ යුගය නොවැම්බර් 14 වනදායින් අවසන් කරන බවත් වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයක් තවදුරටත් නොමැති නිසා ඉදිරියේදී තම පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති පවා විසුරුවා හරින බවත් ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

“අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා..දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පති ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න..එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට් බස් ස්ට්‍රයික්. අද මම කිව්වා කියලා හිතේ තියාගන්න, ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නෙ ? තව කාලයක් යනකොට අපි ඉස්සෙල්ලාම අපේ මේ පක්ෂය පැත්තෙන් තියෙන වෘත්තීය සමිති විසුරුවා හරිනවා, ඉවරයිනෙ. මොකටද දැන් මේ වෘත්තීය සමිති ඕනෙ නෑ. දැන් මේ අද උපදින දරුවන්ට කවදාහරි කියලා දෙන්න වෙනවා, පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා, පුතේ ඇඳිරිනීතිය කියන්නේ මෙහෙම එකක් කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14න් පස්සේ”

ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 31) පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...