*
Friday, November 22, 2024
spot_img

Latest Posts

මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට අද ජනාධිපතිවරයා IMF එක ඉදිරියේ දණ ගහලා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට පොරොන්දු රැසක් දුන් බවත් බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් IMF සමග සිදු කළ සාකච්ඡා වලින් පසු බදු අඩු වෙයි කියා ⁣අපේක්ෂා කළත් එවැනි දෙයක් නොවු බවත් වැට් බදු, සෘජු හා වක්‍ර බදු අඩු කිරීමට නොහැකි වු බවත් ඔහු දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහුට නොහැකි වු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ නමුත් IMF එක ඉදිිරියේ වත්මන් රජයට දණ ගහන්න සිදුව ඇති බවත් මේ වන විට IMF එකේ ඊලග සමාලෝචනය ද කල් දමා ඇති බවත් පැවසූ ඒ මහතා මේ රට ඉදිරියට යන්නට නම් බදු බර අඩු කරන්නට නම් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම වෙනස් කරන්නට IMF සමග සාකච්ඡා කළ යුතු බවත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙමටගොඩදී පැවැති ජන හමුවක් අමතමිනි.

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට IMF සමග අවස්ථාව රැසකදී සාකච්ඡා පවත්වා ජනතා වරමින් මේ ගිවිසුම සංශෝධනය කරන බවට පැවසු බවත් ඔවුන් එයට එකග වු බවත් ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙළ ඉවත් කරන්නට පොරොන්දු වු බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා එම නිසා මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ තුළින් නව IMF ගිවිසුමකට යා හැකි බවත් පැවසීය.

එසේම IMF එක විදේශ ණය ආපසු ගෙවීම 2033 සිට කරන්න යැයි කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩු කර ගිවිසුම් ගතව ඇති බවත් තවත් වසර 4කින් අපට එම ණය ගෙවන්නට මේ ආකාරයෙන් නම් නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්නට හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවන්න නොහැකි බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා වැදගත්ම කාරණාව වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ආණඩුවට මේ ගිවිසුම සංශෝධනය කරන්න හැකියාව තිබිය යුතු බවත් ජනතාවගේ හිසමත කරමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan