ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 158 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයේ ඇති වූ දරුණුතම ගංවතුර ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 158දක්වා ඉහල ගොස් ඇති බව එරට බලධාරීන් නිවෙදනය කර තිබේ.

ඊයේ (31)දිනය වන විට විපතට පත් වුවන් ගලවා ගැනීම සඳහා 1200කට අධික පිරිසක් යොදවා තිබු අතර ඩ්‍රෝන යානා ආධාරයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, ප්‍රදේශයට බලපාන අධික වර්ෂාව බලවත් තර්ජනයක් වී ඇත.

ගංවතුර හේතුවෙන් මරණ 155ක් පමණ වාර්තා වී ඇති Valencia හි සංචාරය කරමින් අගමැති පේද්‍රෝ සැන්චෙස් විපතට පත් වුවන් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කර තිබු අතර බලධාරීන් තවමත් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනාවරණය කර නොමැත.

ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය වන Aemet පවසන පරිදි Valencia අසල Chiva නගරයට පැය අටක් තුළ වසරකට ලැබෙන වර්ෂා පතනයකට සමාන වර්ෂාවක් ලැබී ඇති අතර රටේ දකුණු සහ නැගෙනහිරට තවදුරටත් වැසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති හෙයින්, හදිසි අවස්ථාව තවමත් අවසන් වී නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...