මහින්ද අගමැති ධුරය අත්හැරීමේ සූදානමින් ….

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

රට තුළ උද්ගතව ඇති මහජන විරෝධතා සහ පාර්ලිමේන්තුවේ තත්වයත් සලකා බලා බොහෝවිට තරුණ දේශපාලනඥයෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙමින් ඒ මහතා තනතුරින් ඉවත්වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වන්නේ නම් බොහෝදුරට අග්‍රාමාත්‍ය ධුරය ඒ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇතැයි පැවසෙන අතර රමේෂ් පතිරණ සහ ඩලස් අලහප්පෙරුම යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් ද මේ සඳහා යෝජනා වී ඇති බව සඳහන්.

මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචිමාර්ග පැවසුවේ පවතින තත්වය අනුව අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමේ බලාපොරොත්තුවකින් ඒ මහතා පසුවන බවකි.

මීට පෙර අප්‍රේල් 03 වනදා ද ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමට එකඟතාව පළකර තිබුණු නමුත් අමාත්‍යවරුන් පිරිසකගේ බලපෑම හමුවේ පසුව එම තීරණය වෙනස් කරගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...