ජනපති උපදෙස් පරිදි වසර 30කට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත වෙයි!

0
942

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය අද (01) විවෘත කර ඇත.

තිස් වසරක් පුරා පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවූ නමුත් මෙම මාර්ගය මහ ජනතාවට විවෘත වී නැත. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළ බව පැවසේ. 

අනතුරුව, මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශවලට දැනුම් දී තිබුණු අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගෙන ඇති බව පැවසේ.