අගමැති මහින්ද ඉල්ලා අස්වෙන කතාව බොරුවක්. මේක කුමන්ත්‍රණයක්ද සැකයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

Date:

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේය යනුවෙන් පැතිර යන ආරංචි අසත්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“දැන් පොඩි ආරංචියක් යනවා හැමතැනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙන්න හදනවා, එතුමා යනවා කියලා මහා ආන්දෝලනයක් පැතිරිලා යනවා. ඇත්තෙන්ම මේක අපි දන්නෙත් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා යනවා නම් අපට කියලායි යන්නෙ. ඉතිං අපට හිතෙනවා මේක මහා කුමන්ත්‍රණයක්ද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාව එළවන්න හදන කුමන්ත්‍රණයක්ද කියන්න අපි දන්නෙ නෑ. ජනතාවගේ හදවතේ තැන්පත් වෙච්ච ප්‍රතිරූපයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ. අයියා මල්ලිලාට එකතුවෙලා මේ රට කරන්න දෙන්නෙ නැති කේවට්ටයො ටිකක් ඉන්නවා. ඔවුන් එහාට මෙහාට කළා නම් මම හිතනවා මේ රට ගෙනියන්න පුළුවන්. මහින්ද මහත්තයා මේකෙ ඉන්න ඕනෑ”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...