FACETS Sri Lanka ප්‍රදර්ශනය මෙවරත්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදි.

2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා සිටින සුප්‍රසිද්ධ තොග මැණික් අලෙවිකරුවන් ,මැණික් ව්‍යාපාරිකයන්, මැණික් තාක්ෂණික ශිල්පීන් සහ විනෝදාංශයක් ලෙස මැණික් එකතු කරන්නන් හටද මෙය කදිම පිටිවහලක් වනු ඇත.

ඉතිහාසය පුරාවට වර්ණවත් මෙන්ම ඉහළ වටිනාකමක් සහිත මෙරට මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳ අභිමානවත් උරුමය උත්කර්ෂවත්ව ප්‍රදර්ශනය කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස FACETS ප්‍රදර්ශනය හැඳින්විය හැකිය. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ලැබී ඇති මෙම සුවිශේෂී වටිනාකම කෙරෙහි සමකාලීන ප්‍රවණතා සහ ගැඹුරු සංස්කෘතික බලපෑම් සමඟ මුසු වෙමින් සදාතනික සුන්දරත්වය ඉස්මතු කිරීමට මෙරට මැණික් තාක්ෂණික ශිල්පීන් දක්වන හැකියාව ප්‍රධාන සාධකයක් වී තිබේ.

FACETS Sri Lanka 2025 ඔස්සේ මෙවර Sapphire Night ඇතුළු විශේෂ අවස්ථාවන් රැසක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන අතර එය නව සබඳතා ගොඩනඟා ගැනීමට උපයෝගි වන ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇත. එමෙන්ම මේ අවස්ථාව සඳහා සහභාගි වන්නන්ට කර්මාන්තයේ භාවිතයන් සහ එහි දිගුකාලීන ඉතිහාසය පිළිබඳ ගවේෂණය කිරීමට අවස්ථාව උදාවනු ඇත.

සුහද සංග්‍රහයක් සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැළී සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ නව සබඳතා ගොඩනඟා ගැනීම වෙනුවෙන් අවස්ථාව, මැණික් ගැරීම පිළිබඳ අත්දැකීමක් සමඟින් පතල් චාරිකාවක් සහ තවත් කරුණු රැසක් පිළිබඳ කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාව මෙන්ම කොළඹ ප්‍රමුඛතම ආයෝජනයක් සහ ප්‍රමුඛතම ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන පෝට් සිටි වෙත සංචාරයක් ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ. මීට අමතරව මෙහි අතිරේක අවස්ථාවන් අතරට VIP ගොල්ෆ් තරගාවලියක් ද අන්තර්ගත වන අතර සහභාගිවන්නන් සඳහා නැවුම් අත්දැකීම් රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...