සුදු පන්දුව අලුත් වෙයිද?

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 06,(LNW) කොළඹ :

නවසීලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිඳු කිරිම ගැන අවධානය යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.සුදු පන්දුවෙන් කෙරෙන මෙම තරග සඳහා නවසීලන්තය ද වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සඟවා තිබෙන බව පෙනෙන්නට ඇති නිසා මේ ගැන අවධානය යොමු කර නැති අතර,පැමිණෙන නවසීලන්ත කණ්ඩායම අවතක්සේරු කරන්නට ද ශ්‍රී ලංකාව කිසිසේත්ම සූදානම් බවක් පෙනෙන්නට නැහැ.


එහෙත් ලෝක ටෙස්ට් සූරතාවය සඳහා ශ්‍රී ලංකාව යම් ආකාරයකින් බලපෑමක් ඇති කිරිමට සූදානම් තත්ත්වයක සිටිම නිසා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ටෙස්ට් තරග සඳහා අවධානයෙන් රඳවා ගැනීමේ වැදගත්කම ගැන සාකච්ඡාවට බඳුන් වෙන බව වාර්තා වෙනවා.යම් වෙනසක් සිඳු කිරීමට ප්‍රථමයෙන් බොහෝ විට තේරීම් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු සහ කණ්ඩායම් නායකයන් ද සමඟත්,ඇතැම් විට ජ්‍යේෂඨ සාමාජිකයන් සමඟත් සාකච්ඡා කිරීමට ද ඉඩ තිබෙන බව දැක ගන්නට තිබෙනවා.


මේ ආකාරයට වෙනස්කම් සිඳු කරන්නේනම් වැඩි අවධානයක් මෑතකදී ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ලහිරු උදාර,සහන් ආරච්චිගේ සහ ඒෂාන් මාලිංග වැනි ක්‍රීඩකයින්ට විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.ලහිරු කඩුලු රැකීමෙන් මෙන්ම පිත්තෙන් ද,සහන් ආරච්චිගේ පිතිකරණය මූලික කරගෙක තුන් ඉරියව්වෙන් ද,ඒෂාන් මාලිංග පිතිකරුවන්ගේ ප්‍රහාරය අඩ පණ කරමින් උපක්‍රමශිලීව සිය වේග පන්දුව හසුරුවන ලද ආකාරයෙන් ද ජාතික කණ්ඩායමට ඇතුළත් වීම සඳහා පෙරමුණ ගෙන තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...