ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයේ යුද්ධය ‘පැය කිහිපයක් ඇතුළත’ නතර කරාවියැයි යුරෝපා සංගමය කනස්සල්ලෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා ජනාධිපතිවරයා වශයෙන් පත් වන්නේ නම් යුක්රේන යුද්ධය පැය කිහිපයකින් නතර කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් යුරෝපා නායකයන් කනස්සල්ලට පත්ව ඇති බව වාර්තා වේ.

ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වීමත් සමඟ යුරොපා සංගමයේ නායකයන් 40කට අධික පිරිසක් බුඩාපෙස්ට්හිදී එක්රැස් වී ඇති අතර, තමන් ආරක්ෂා කිරීමට සහ යුක්රේනයට පිටුබලය දීමට වඩා ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටීමට සුදානම් බව කියැවේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාව යුරෝපා නායකයන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වැඩිපුර වියදම් කරන්නේ නම් මිස ඔවුන් ආරක්ෂා නොකරන බව පවසා ඇති අතර, යුරෝපය දැනටමත් එහි විශාලතම බලවතුන් දෙක වන ජර්මනිය, ආන්ඩුව කැඩී බිඳී ගොස් ඇති අතර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට පාර්ලිමේන්තුවේ ඔහුගේ පක්ෂයේ බහුතරය අහිමිව ඇති තත්වයක ට්‍රම්ප්ගේ බලයට පත්වීම තවත් භයානක වී ඇත.

රැස්වීම අමතමින් මැක්‍රොන් පැවසුවේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය යුරෝපයට “ඓතිහාසික සහ තීරණාත්මක අවස්ථාවක්”වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...