හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි!

Date:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම එළඹෙන මැයි මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.

ඒ, අනුව මැයි මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයාට අද (18) සිතාසි නිකුත් කර ඇත.

පසුගිය 07 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කබ්රාල් මහතාට සිතාසි නිකුත්කර තිබුණද ඔහු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කබ්රාල් මහතාට එරෙහිව පවතින පුද්ගලික පැමිණිල්ල ගැන විරෝධතා ඉදිරිපත් කරන බවට කරුණු දක්වා තිබුණි.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් චෝදනා 06ක් මත හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොණු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...