අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත ගැසට් වුණේ වැරදීමකින් – ඇමති අලි සබ්‍රි

Date:

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශට පත්වුණේ වැරදීමක් නිසා බවත් ඒ අනුව එම ගැසට් පත්‍රය ඉතාම නිහතමානීව ඉවත් කරගන්නා බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

“අපි අසභ්‍ය සහ අශ්ශීල ප්‍රකාශන කියන නීතියක් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. ඒක දැන් වැරදීමකින් ගැසව් වෙලා තිබුණා. ඒ නීතියේ සමහර තැන් ඉතාමත්ම බරපතළයි. ලබාදීලා තියෙන දඬුවම් ඉතාමත්ම වැඩියි. ඒ හැරුණාම සමහර නිර්මාපකයින්ගේ සහ නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න පුළුවන්.

ඒ සම්බන්ධයෙන් අපට සිවිල් සංවිධාන සහ නීතීඥවරුන් සහ විවිධ දේශපාලනඥයින් මට කරුණු කිව්වා. අපි ඉතාමත්ම නිහතමානීව ඒවා පිළිගත්තා. ඒක යන්න හොඳ නෑ කියන එක. ඒ අනුව අපි ඒ ගැසට් පත්‍රය ඉවත් කරගෙන – අපේ ලේකම්තුමා මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා – සිවිල් සමාජයකට ඇහුම්කන් දීලා රටට ගැලපෙන නීතියක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ සියල්ල ජනතාවගේ සහයෝගය ඇතිව කරන්නට බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ඊයේ (29) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...