මැතිවරණයට අදාළ සියලු‍ම ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්!

0
169

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ (LNW):

මේ මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු‍ම ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව පැවසේ.

නමුත් හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත් , ඒ අනුව 12, 13 හා 14 යන දිනවල කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

මෙම දින කිහිපය තුළ ජනමාධ්‍ය මගින් හෝ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් මුදල් ගෙවා හෝ කිසිදු ප්‍රචාරණ දැන්වීමක් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද ඔහු පවසා සිටී.