රනිල්,සජිත් යාපනයට එන්නේ ජන්ද දිනනවා නම් විතරයි. අපිට එහෙම වුවමනාවක් නැහැ – ජනාධිපති

කොළඹ LNW:ජාතික ජන බලවේගය යාපනයට එන්නේ ජන්ද දිනීමේ අරමුණින් නොව රට ගොඩනැගීමේ අරමුණට යාපනය ජනතාව එකතු කර ගැනීමේ වුවමනාවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) යාපනයේදී පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළිය අමතමිනි.

” මා දන්නවා සැප්තැම්බර් මාසේ 21 වැනිදා ජනාධිපතිවරණය අපේ රටේ තීරණාත්මක ජන්දයක් බවට පත්වුණා. ඒ ජනාධිපති ජන්දෙදි හිටපු ජනාධිපතිතුමා මම හිතන්නේ වැඩියෙන්ම හිටියේ යාපනයේ. මේ ජන්දෙට ආවද? එන්නේ නෑ. ඇයි මේක එයාගේ ජන්දේ නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒ විදිහට. පහුගිය ජනාධිපති ජන්දෙදි විපක්ෂ නායකතුමා මේ උතුරට අවස්ථා ගණනාවකදීම ආවා. මේ ජන්දෙට එනවද? නෑ. ඇයි? මේක එයාගේ ජන්දේ නෙවෙයි. ඒ නිසා ඒ හැසිරීම් විතරක් ප්‍රමාණවත් ඒගොල්ලෝ කුමක් වෙනුවෙන්ද යාපනයට ආවේ කියන එක තේරුම් ගන්න. තමන් දිනනවා නම් යාපනය මතක් වෙනවා. දිනන්නේ නැත්නම් පරදිනකොට යාපනය දාලා යනවා. අපට තිබෙන්නේ අපේ මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් යාපනය ජනතාව එකතු කර ගැනීමේ වුවමනාවක් නෙවෙයි. ජන්දේ දිනන්න යාපනය දෙමළ ජනතාවගේ වුවමනාවක් නෙවෙයි තියෙන්නේ. යාපනයේ ඔබ අපට අවශ්‍ය වෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ රට ගොඩනගන්න ඔබ අවශ්‍යයි. අපේ රටේ සමඟිය හදන්න ඔබ අවශ්‍යයි. යුද්ධ නැති, ගැටුම් නැති, අවිශ්වාසයක් නැති අනාගතයක් මේ දරුවන්ට හදන්න ඔබ අවශ්‍යයි. අන්න ඒ අවශ්‍යතාව වෙනුවෙන් තමයි අපි ඔබ හමුවට ආවේ.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...