කොළඹ LNW:මැතිසබය Clean කරමු! මාලිමාවෙන් පුරවමු! තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් 2024 මහ මැතිවරණය වෙනුවෙන් සිදුකළ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළට අදාළව අවසාන මහ රැළිය මේ වන විට පැවැත්වෙනවා.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම අවසන් මහ රැළියට ආගමික කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු සුභපතන්නන් මෙන්ම විශාල පාක්ෂික පිරිසක් සහිත මහජන සහභාගීත්වයක් ද දැක ගත හැකියි.
ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මෙම රැළියට එක්වීමට නියමිතයි.
ආශිකා බ්‍රාහ්මණ