නව කැබිනට් මණ්ඩලය පිළිගන්න බැහැ.ඇස්බැන්දුමක් විතරයි – කාදිනල් හිමි (VIDEO)

Date:

ජනාධිපතිවරයා විසින් අද දින පත්කරන ලද නව කැබිනට් මණ්ඩලය පිළිගත නොහැකි අතර එය ඇස්බැන්ඳුමක් පමණක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

එමඟින් ජනතා අපේක්ෂා ඉටු වී නැති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

කාදිනල් හිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළේ අද (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම මැර බලය සහ සන්නද්ධ බලය යොදා ගනිමින් උද්ඝෝෂකයින් පලවාහැරීමට යම් යම් සැලසුම් සකස් කරමින් තිබෙන බවට තොරතුරු ලැබෙමින් පවතින අතර එවැනි දෙයක් කිසිලෙසකින්වත් පිළිගත නොහැකි අශිලාචාර ප්‍රතිචාරයක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

එවැනි අඥාන ක්‍රියාකලාපයකට නොගොස් ජනතා පරමාධිපත්‍යයට ගරු කර නීතිය දේශපාලන අධිකාරියට ඉහළින් තිබෙන නව ක්‍රමවේදයකට යා යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

වත්මන් පාලකයින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වන සේ කටයුතු නොකර රැවටීමකට ලක්කරන්නේ ඔවුන්ට කීමට ඇත්තේ කරුණාකර ඉවත්ව යන ලෙස යැයිද උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...