මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් – විදෙස් නිරීක්ෂකයින් 10,000කට අධික පිරිසක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

විදෙස් නිරීක්ෂකයින් 43ක් ඇතුළුව, මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් – විදෙස් නිරීක්ෂකයින් 10,000කට අධික පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.

යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් තිදෙනෙකු සහ අන්ෆෙල් සංවිධානයේ 30 දෙනෙකු ඒ අතර වෙයි.

අසල්වැසි රටවලින් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව 10 කි.

මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සංවිධාන 10 ක් නියෝජනය කරමින්, දේශීය නිරීක්ෂකයින් දස දහසක් පමණ එක්ව සිටින බව පැවසේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 5000 ක් වන අතර, ජංගම නිරීක්ෂණ ක්‍රියාවලියට සංවිධාන 8 කට අවසර හිමිව තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ , නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...