චීනයෙන් නව වාහන වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වාර්ෂිකව නව බලශක්ති වාහන මිලියන 10ක් නිෂ්පාදනය කරන ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද(14) ප්‍රකාශ කළේය.

චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය ප්‍රථම වරට මිලියන 10ක් ඉක්මවූ බව වාර්තා වේ.

මේ පිළිබඳ අදාළ දත්තවලට අනුව, චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ විකුණුම් සංඛ්‍යාන පද්ධතියට ඇතුළත් කළ පළමු වසර වන 2013දී, නිෂ්පාදන ඒකක ප්‍රමාණය සටහන් වූයේ 18000ක් ලෙස ය.

2018 වසරේදී වාර්ෂික නිෂ්පාදනය මිලියනයකට ළඟා වූ අතර 2022දී වාර්ෂික නිෂ්පාදනය මිලියන 5ක‍් ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වසරේ ප්‍රථම වරට නිෂ්පාදන ඒකක ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගිය අතර මෙම වසර අවසන් වීමට මාස එකහමාරක් තිබියදී, පසුගිය වසරේ මුළු අගයට සාපේක්ෂව නිෂ්පාදනය 4.3% කින් වැඩි වීම ද විශේෂත්වයකි.

තවද, මේ වසර අවසන් වන විට මෙම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළ කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...