චීනය හා පේරු රාජ්‍යයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ පේරු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණා.

ඒ පේරු ජනාධිපතිනි Dina Boruarte මහත්මියගේ ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත ව සිටින අතරතුරයි. දෙරට නායකයින් ලීමා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා පැවැත්වූ අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට ලක්වූ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් පුළුල් එකඟතාවන්ට පැමිණ තිබෙනවා.

“2024 වසරේ සිට 2029 වසර දක්වා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම”, ද්විපාර්ශ්වික සබඳතා තවත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වන බවත් චීනයේ සංවර්ධනය පේරු ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට නව සහයෝගීතා අවස්ථා උදාකර දී ඇති බවත් දෙපාර්ශ්වය අවධාරණය කළා.

ගෝලීය පරිපාලන ක්‍ෂේත්‍රයේදී බහුපාර්ශ්වවාදයට අනුබල දෙන බව ද දෙපාර්ශ්වය එහිදී ප්‍රකාශ කළ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...