(VIDEO) පුනරුද යුගය ඇරඹීමට සහය දුන් සැමට ජනපති අනුරගේ ස්තූතිය,දැවැන්ත ජයග්‍රහණය අබියස නව ගමන අරඹන බවත් කියයි!

0
412

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

මෙම දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කිරමින් මෙම ජයග්‍රහණයට කැපවූ සියලු දෙනා වෙනුවෙන් ස්තූතිය පළ කර තිබෙන අතර, පුනරුද යුගය ඇරඹීමට උරදුන් සියලුදෙනාට තම ස්තූතිය පළ කරන බව ජනාධිපති තුමා එහි සටහන් කර ඇත.

මෙවර මහ මැතිවරණයේ තවත් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගය සනිටුහන් කර තිබෙන අතර, ඒ සියලු ආගම්,ජාති, භේදයකින් තොරව නැගෙනහිර හා උතුරේ ජනතාව තනි ජාතික නායකයෙකු තෝරා ගැනීමයි

ඒ සමගම මුළු රටම එකම ජාතික නායකයෙකු කෙරෙහි විශ්වාසය තැබු ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වන අතර , උතුරේ දෙමළ ජනතාව ප්‍රථම වරට ජාතික නායකයෙකු කෙරෙහි තැබු විශ්වාසය මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් ඉතා ඉහළින් ප්‍රදර්ශනය කර තිබුණි .

යාපනය දිස්ත්‍රික්කයේද ආසන තුනක්ම හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණි..