දිනෙන් දින සමුගන්නා දේශපාලඥයෝ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

සිය X පිටුවේ සටහනක් තබමින් , තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසා ඇත.

වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ , සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය.

දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම පවුල ගැන සිතීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කාලය එළැඹ ඇති බව තමන්ට හැඟෙන බවත් ඔහු සඳහන් කර ඇත .

මෙම තීරණය ඉතා පහසුවෙන් ගත් තීරණයක් නොවන නමුත් එය දැනට නිවැරදි තීරණයක් ලෙස හැගෙන බවත් ඔහු පවසා ඇත.

ඔහු මින් පෙර වැලිගම නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කර තිබුණු අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ නමුත් ඉන් පරාජයට පත් වූ බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...