මාලිමා ජයග්‍රහණයෙන් මහින්දගේ සිහිනය සැබෑ වුණා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උතුරට පමණක් සීමා නොවී දකුණේ දේශපාලන පක්ෂවලටත් උතුරේ ජනතාවගේ ආකර්ෂණය සහ කැමැත්ත ලබාගැනීමට හැකිවන වාතාවරණයක් උදාකර දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු සිහිනය මෙවර මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් ඉටුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කෙසේවෙතත් ඒකීය රට නැවත බෙදුම්වාදය කරා ගෙනයන කිසිදු ක්‍රියාදාමයකට පක්ෂයක් ලෙස තමන් ඉඩ නොදෙන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

මේ අතර ඊයේ (නොවැම්බර් 17) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“අද වෙනකොට නැවත වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් පසුබෑමකට ලක්වුණා. හැබැයි ඒ 2022 පසුබෑමට ලක්වුණාට වඩා හුඟාක් ඉදිරියට පක්ෂයක් විදියට අපට එන්න හැකියාව ලැබුණා පහුගිය ජනාධිපතිවරණයේත් පාර්ලිමේන්තු මැතිවරණය තුළත්. ඉදිරි කාලසීමාව තුළත් අපි පාර්ලිමේන්තුව තුළ හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා, ජනතාවගේ අභිප්‍රායන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ රටේ බෞද්ධ සංස්කෘතිය වගේම සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන්න, ඒකීය රට ආරක්ෂා කරන්න අවශ්‍ය ඕනෑම කාරණයක් වෙනුවෙන් පෙනී සිටිනවා වගේම මේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සැබෑ විපක්ෂය ලෙස අපි පාර්ලිමේන්තුවේ පෙනී ඉන්නවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...