ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට

Date:

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (20) දිනයේ දී කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි කොප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වැය තත්ත්වය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී සාකච්ඡා කර ඇති බවත් එවන් මොහොතක නැවත ගුවන් යානා මිලදී ගැනීමට සූදානම් වන බවත් දැන ගැනීමට ලැබී ඇතැයිද පැවසූ චරිත හේරත් මහතා,ඒ අනුව එම සමාගම හෙට කෝප් කමිටුව හමුවට කැදවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

මේ පිළිබඳව වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය

මෙහිදී අඳහස් දැක්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩී.වි.චානක මහතා ප්‍රකාශ කළේ, ඉදිරියට කිසිදු ගුවන් යානාවක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් හෙට පවතින කෝප් කමිටුවේ දී ඒ පිළිබඳව ප්‍රශ්න කළ හැකි බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...