අශෝක ජයතුංග
නොවැම්බර් 23,වොෂින්ටන් LNW :
ප්‍රභූන් අතර විරසකය තුළින් බිහිවූ ජනතා ජයග්‍රහණය…..?
එදා පිං ජනපති යයි කී ලෙසම මෙදා සුළුතර ජනපති යයි හෑල්ලු කලවුන්ට ලැබුණු ඇඩෙන ප්‍රතිචාර…..?
ලෝක දේශපාලන හා ආර්ථික ක්‍රියාවන් සමග පොරබැදීමේ අසීරු භූමිකාව…..?
උද්දාම නොවී කරමත වූ වගකීම් වල බර තේරුම්ගත් රාජාසන කතාව……!
පැහැදිලි ජන වරම තුළ බේරුණේ මාළිමාවට වඩා රටත් ජනතාවත්වීම….?
සුබවාදී ගමනක ඇරඔුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අභියෝගය….!
කැපවිය යුත්තේ මාළිමාව පමණද. විපක්ෂයටත් නව දැක්මක් අවශ්‍යවීම……?
රාජ්‍ය සේවය ,පෞද්ගලික අංශය, වෙළෙදුන් හා පොදු ජනතා කැපවීමත් අත්‍යවශ්‍යවීම….?
කැබිනට් ඇමතිකම් 30 ක් ව්‍යවස්ථාවේ තිබුණ ද එදා වංගු දමා ඒවා වැඩිකිරීම……?
නාස්තිය දූෂණය අවමවීම හා බලය අයුතු ලෙස පාවිච්ච් නොවීමෙන් සමාජයට ලැබෙන ප්රතිලාභ…..!
රට හරිපාරට වැටීමේ අවසන් අවස්ථාව ගිළිහුණොත්…..?
සත්තු වත්ත වෙනුවට පරමාදර්ශී මැතිසබයක්…..?
ජනමාධ්‍ය හා නරුම සමාජ මාධ්‍ය වලට නව දැක්මක් ඔිනෑකර තිබේ….!
[වසර 76 කට පසු ප්‍රභූන්ගෙන් සාමාන්‍ය පංතියට රටේ බලය හුවමාරුවීම එසේ මෙසේ ප්රාතිහාර්යක් නොවේ. මන්ද ප්‍රභූ පිළ් අතර ඇතිව තිබූ එකිනෙකාට එරෙහි බෙදීම් හා කඔ ඇදිලි නොතිබෙන්නට මෙම ජනතා ජය මෙවරද යටපත් වනු නිසැකය.
රනිල් ට පිං ජනපති කී ලෙසම අනුර ට සුළුතර ජනපති යයි අවතක්සේරු කිරීම ඇරඔුණේ වෙනත් මඩක් නොතිබූ බැවිනි. ඇල්පිටිය ප්‍රතිළුලය මාළිමාව මෙන්ම දේශපාලන ලෝකයම තිගැස්සු එකකි.එහෙත් මහා මැතිවරණයේදී ජනතාව එම අතපසුවීම “ලොවෙත් නැති වෙන සේ ඇඬෙන්නම” නිවැරදි කිරීම මාළිමාවටත් වඩා රටත් ජනතාවත් ලැබූ විජයග්‍රහණයකි. ඇල්පිටියේ ප්‍රතිළුලය මහ මැතිවරණයටත් ආදේශ වූවා නම් ජනපති අනුර මෙන්ම එම ආණ්ඩුව ද දැවැන්ත පීඩනයකට තල්ලුවනු නියතය. පනතක් සම්මක කරගන්නට පවා සුළු පක්ෂ වලට වදින්නට හා විවිධ කප්පම් දෙන්නට පවා සිදුවනු නිසැකය.එවැනි සෙලවෙන ආණ්ඩුවක් බිහිවුණා නම් එය IMF , විදෙස් ආයෝජන අපනයන සංචාරක හා පිබිදෙමින් පවතින ආර්ථිකය ඇතුළු සියලු දේට අතිශය කටුක ලෙස බලපානු ඒකාන්තය.
මෙරට ව්‍යවස්ථාව අනුව පත්කළ හැක්කේ කැබිනට් ඇමතිවරු 30 ක් පමණි. එහෙත් වෙනත් පක්ෂ සමඟ සංධාන ගසා ව්‍යවස්ථාවට වගු දමා 30 ඉක්මවූ කැබිනට් මෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය මෙන්ම ව්‍යාපෘති ඇමතිකම් එකල පැටව් ගැසුවේය. එම යුගයේ එවැනි තනතුරු වල ප්රමුඛ අරමුණ වූයේ රටට සේවය කිරීමට වඩා වරප්‍රසාද භුක්ති විදීමය. තවද නාස්තිය දූෂණයේ ද ඉමක් නොවිණ. තවද වටේ සිටි අය සතුටු කිරීමට තනතුරු වාහන හා ඉහළ වැටුප් ලබාදීමේ මෙන්ම රජයේ කොන්තරත් තරගකාරී නිසි ක්‍රමවේදයකින් තොරව දේශපාලන හිතවත්කමට ලබාදීමය. ඒවායේ ප්රතිලාභ එම හෙංචයියන් පමණක් නොව දේශපාලකයන් හා රාජ්‍ය නිළධාරීන්ගේ සාක්කු වලටද ගියේය. මාළිමාව ආවේ ඒවා මාකට් කරලාය.
එහෙයින් ඔවුන් අතින් එවැනි වැරදි සිදුවන්නට ඉඩක් නැත.කැබිනට් ඇමතිකම් 21 ක් හා ඊට සරිලන නියෝජ්‍ය ඇමතිධුර බිහිකිරීමේ ආරම්භය මෙන්ම එහිදී ජනපති අනුර සිදුකළ දේශනය අතිශය වැදගත්ය.තවද ජයග්රහණයෙන් උද්දාම නොවී වගකීම් වල බර තේරුම්ගත් රාජාසන කතාව ද ඉහළ ප්රමිතියේවීම විශේෂත්වයකි.දේශපාලකයන්ගේ වාහන පෙරහැරවල් වලට තිත තැබීම වැදගත් වුවත් ජනපතිගේ ආරක්ෂාව හා භාම්භීරත්වය හෑල්ලු නොකිරීම අවශ්‍ය බව ද කිවයුතු නොවේ. තවද එදා තිබූ විපක්ෂ වල නරුම හා අවස්ථාවාදී පටු හැසිරීම් වලින් බැහැරව දියුණු දේශපාලනයක් සහිත රටවල මෙන් හැසිරීමේ විපක්ෂ වගකීම ද ඔවුන් ගැඔුරින් වටහා ගැනීම අවශ්‍යය.
ගමනක ඇරඔුම හොඳ වුවාට මදිය. ඉදිරියට යන වැඩ පිළිවෙල ද අතිශය නිවැරදි එකක්ම විය යුතුය. මැතිවරණ වේදිකා වල කී දේවල් අමතක නොකිරීම දේශපාලන සෞඛ්‍යට හොදය. හිටපු 225 හා පාර්ලිමේන්තුවේ කෑම බීම හා සෙසු වරප්‍රසාද ජනතාවට තිත්තය. එම මානසිකත්වය ගොඩනැගීමට ජවිපෙ ප්රමුඛ මාළිමාව පෙරමුණ ගත් නිසා දැන් වඩාත් ආදර්ශවත් ලෙස ක්‍රියා කිරීම ඔවුන්ට අපහසු වන්නට හේතුවක් නැත. කී දේවල් ඒ අයුරින්ම ඉටු කිරීම අසීරුය. කලහැකි උපරිම දෙයක් සිදු කිරීමට සාධාරණ කාලයක් ද අවශ්‍යය. මන්ද මාළිමාවට බාරදී ඇත්තේ ධනයෙන් ආඩ්‍ය, විරැකියාවෙන් ශුන්‍ය, අයවැය පරතරයක් නොමැති, ආනයන වියදම අභිභවන අපනයන ආදායම් සහිත, විදෙස් ආයෝජකයන් ගලන හා දසලක්ෂ ගණන් සංචාරකයන් පැමිණෙන රටක් නොවන බව මෙන්ම මාළිමාව ආවේ අධිෂ්ථානය හා කැපවීම දරාගෙන මිසක ඇලඩින්ගේ පුදුම පහන රැගෙන නොවන බව ද තේරුම් ගැනීම වැදගත්ය. අත්දැකීම් මානවයාට වැදගත් සාධකයක් බව කිවයුතු නොවේ. එහෙත් මේ පාර්ලිමේන්තුවේ අතිබහුතරය කෝඩුකාරය. හැකියාව නොසැලෙන අරමුණ හා දැක්මක් තිබේ නම් නවකයන්ට යන පාර සොයා ගැනීම අසීරු නැත. 1977 හා 94 දී පත්වූ අයගෙනුත් අතිබහුතරය නවකයන්ය.
රාජ්‍ය හා පෞද්ගලික අංශ, වෙළෙන්දුන් ඇතුළු සියලු දෙනාම වෙනදා නොතිබුණු ජවයක් මෙන්ම අවංකකම ප්‍රදර්ශනය වෙන ලෙස කැපවීම ද අත්‍යවශ්‍යය. කැස්සක් ගියත් වර්ජන කරන එකල පැවැති පටු හා අවස්ථාවාදී බවෙන් අත්මිදීම අත්‍යවශ්‍ය වන අතර ඊට පෙරමග සැකසීම ද අත්‍යවශ්‍යය. පාසල් දරුවන්ටත් ඔරොත්තු නොදුන් දියවන්නා සත්තුවත්ත වෙනුවට පරමාදර්ශී මැතිසබයක් බිහිවිය යුතුය. එහෙත් අසීරුම කාර්ය වන්නේ ලෝක දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් සමග කරන්නට තිබෙන අතිසූක්ෂම පොරබැදීමය. විදේශ ඇමති විජිත එහිදී දක්වනට තිබෙන අසීරු භූමිකාව රටේ අනාගතයට සෘජු බලපෑම් එල්ල කරනු එ්කාන්තය.
අලුත් කොස්සකින් හොදින් අතුගෑවේ. පහුවන විට අලුත් කොස්ස ද කොහු කොහු වන නිසා එවැනි පසුබිමක් ඇති නොවන ලෙස ආරම්භයේ පෙන්නුම් කළ නැවුම් අවංක කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු දෙනා ගේ සහාය අත්‍යවශ්‍ය වන්නේ මෙවරවත් හරි පාරට වැටෙන්නට නොහැකි වුවහොත් අප “සදා සොත්ති” අනාගතයක හිගන උරුමකරුවන්වීම අනිවාර්ය බැවිනි. එහිදී අවස්ථාවාදී ජනමාධ්‍ය හා නරුම සමාජ මාධ්‍යයට හා ඒවායේ නටන දගලන හා පරිශීලනය කරන උගත් නූගත් සැමට නව දැක්මක් හා දැඩි සංයමයක් ද ඔිනෑකර තිබේ.