අසත්‍ය ප්‍රකාශයක් ගැන නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්භන්ධයෙන් සිදුවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට යන අසත්‍ය ප්‍රචාරයයි.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මෙතෙක් කිසිදු රෝහලක නිරීක්ෂණයකට එක්වී නැති බවයි.

ඊයේ (22) දිනයේ ඒ මහතා කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැදී සිටිමින් රාජකාරීවල නිරත වූ බැවින් අමාත්‍යාංශ පරිශ්‍රයෙන්  බැහැරව යාමට අවස්ථාවක් හිමිනොවූ බවත්, එබැවින් මහනුවර හෝ දිවයිනේ කිසිදු රෝහලක නිරීක්ෂණයට එක්වීමට අවස්ථාව තිබුණේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, මෙවැනි තත්ත්වයක් යටතේ සාවද්‍ය ප්‍රචාර ගෙනියමින් අදාළ ආයතන හා මහජනතාව නොමග යැවීමෙන් වළකින ලෙස  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලෙක්ම් දීප්ති විජේතුංග නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...