ආහාර හිගයක් ඇතිවෙන්න කිසිම ඉඩක් නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

සිංහල අවුරුදු උත්සව සමය වනවිට රටපුරා ආහාර හිගයක් ඇතිවන බවට දේශපාලන පක්ෂ සහ විද්වතුන් සිදුකරන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් බියට පත්වීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ එවැනි ආහාර හිගයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බවයි.

කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව පදනම් කර ගනිමින් ජනතාව මුළා කිරීම සඳහා ඇතැම් දේශපාලන කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව පෙන්වා දෙන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අනතුරු ඇඟවීම්වලින් මුළාවට පත් නොවන ලෙසයි.

දේශීය වශයෙන් වගා කරන ආහාරවල කිසිදු හිගයක් ඇති නොවන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවයි අජන්ත ද සිල්වා මහතා පවසන්නේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල යම් හිගයක් ඇතිව තිබෙන නමුත් එය ඉදිරියේදි යථා තත්වයට පත්වනු ඇති බවටද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විස්වාසය පළ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...