වේයන්ගොඩ නිධන් හෑරීමට නියෝග කළේ නෑ – අත්තනගල්ල මහේස්ත්‍රාත් විවෘත අධිකරණයේ කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ නිධන් හෑරීමට හෝ නිධන් හාරා පොළව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු පිටතට ගැනීමට හෝ කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අවධාරණය කර තිබේ.

ඒ, මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් වේයන්ගොඩ පොලීසිය විසින් ඊයේ (නොවැම්බර් 26) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත්තේ නිධානයක් ගොඩගැනීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත නිකුත් කර නොමැති බවයි.

මෙම කැණීම සම්බන්ධයෙන් ලබාදුන් වාර්තාව අනුව පොළව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු නොවන ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් සිදුකරන ලෙස පමණක් නියෝගයක් ලබාදුන් බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කැණීම් කළ ස්ථානය එහිදී කැඩූ කළුගල් ද යොදා වසා දමන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 03 වනදා යළි කැඳවීමටත් අත් අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනෙකු එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් නියෝග කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...