නිධන් හෑරුවේ නෑ. ඒක කැණීම් අංශයෙන් කරපු රාජ්‍ය කටයුත්තක් – ඇමති සුනිල් සෙනවි

සටහන – රුවන් නෙළුගොල්ල

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිදු ආකාරයකින් නිධන් හෑරීමේ කටයුත්තක් සිදු නොකළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

“එතන කිසිදු ආකාරයක නිධානයක් ගැනීමක් වැනි කටයුත්තක් නෙවෙයි තිබෙන්නෙ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒක පැහැදිලිව කියනවා එතන කිසිදු පුරාවස්තුවක් නොමැති බව. ඒ නිසා එතන කැණීම් අංශයෙන් කරන රාජ්‍ය කටයුත්තක්. පැතිරෙන තොරතුරු එක්ක බොහොම ඉක්මනින් තීරණ ගන්නෙ නැතිව විද්‍යාත්මකව වගේම රාජ්‍ය මැදිහත්වීමෙන් කරන පැහැදිලි කිරීම් පිළිඅරගෙන කටයුතු කරන එකයි හොඳ වෙන්නෙ”

අදාළ ස්ථානයේ කැණීම් කටයුතු පෙරේදා (නොවැම්බර් 23) පස්වරුවේ අවසන් කෙරුණු අතර කළුගල් ගොඩක් විනා වෙනත් කිසිදු යමක් එයින් හමුවී තිබුණේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...