ලංකාවේ සමකාලීන වෘත්තීය සමිති ව්‍යාපාරයේ සමහර ක්‍රියාමාර්ග ගැන අපට කාලයක් තිස්සේ විවේචනයක් තිබුණා. සමහර හිතවත් වෘත්තීය සමිති නායකයන් සමඟ ඒ දේවල් සාකච්ඡා කරලත් තියනවා.
වෘත්තීය සමිති ව්‍යාපාරයක් තම ඉල්ලීම් සමඟින් පාලකයා එක්ක ගනුදෙනු කිරීම සහ මේ ගනුදෙනුව – ගැටීම අතරෙදි සමාන්‍ය මහජනතාවට වෙන බලපෑම් – මහජනතාව වෘත්තීය සමිති ව්‍යාපාරවලින් ඈත්වීම ගැන හරිහමන් දේශපාලන කියවීමක් අවශ්‍යයි කියලා තවමත් හිතනවා.
උදාහරණයක් විදිහට පූරෝගාමී වාමාංශයේ දිදුළපු නායකයෙක් වුණු දොස්තර වික්‍රමසිංහ වෛද්‍ය වැඩවර්ජන සිදු නොකළ යුතු දෙයක් හැටියට දක්වලා තිබුණ බව අහලා තියනවා.
වැඩවර්ජනවලින් සිදු කරන්න ඕන පාලකයා අර්බුදයට යවන එක මිසක් වෘත්තීය සටන්වලින් ජනතාව ඈත් කරන එක නෙවෙයි. වෘත්තීය සමිති ව්‍යාපාරය සහ පොදුජනයා අතර විභේදනය ලොකුවටම පෙන්නුම් කරන අවස්ථාවක් තමයි ලංකාවේ දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග.
කොහොම වුණත් දැන් තත්වය ටිකක් වෙනස් වෙලා. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මෑතකාලීන බලසම්පන්න දේශපාලන පක්ෂය ආණ්ඩු බලය ලබාගෙන. මේ තත්වයෙදි වෘත්තීය සමිති ව්‍යාපාරයෙ හැසිරීම මොන වගේ ද කියන එකත් නවමු අත්දැකීමක්.
ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ගත්ත ම කවුරුත් දන්න දෙයක් තමයි කෙළවෙලා, ප්‍රකෝටි ගණනක් පාඩු ලබමින් තිබුණා කියන එක. හැබැයි ඒ ජනතාව බිල් නොගෙවා ඉඳලා නම් නෙවෙයි. මණ්ඩලය කොයිතරම් පාඩු ලැබුවද කියනවා නම් ඒක ප්‍රතිව්‍යුහගත කරන තැනටම ආවා. ඕකත් ලංකාවෙ ආයතනවලින් ලොකුම ලොකු හොර ගුහාවක් කියන එක ප්‍රකට සත්‍යයක් නෙ.
පෞද්ගලික බලාගාරවලින් ඒකක වැඩි මිලට ගැනීම්, පාලක නිලධාරීන්ගේ ගසා කෑම් ( පහුගිය කාලෙ එක නෝනා කෙනෙක් සපත්තු බෑග් අරගෙන ඒවත් මණ්ඩලේ බිලට දාලා තිබුණා) අතිශය දැවැන්ත දීමනා ලබා ගැනීම් ආදිය ලොකුවට ගිය තැනක්. ඒත් දැවැන්ත වෘත්තීය සමිති ව්‍යාපාර ඒ පැත්ත ගැන ලොකුවට මැදිහත් වෙනවා අපි දැකලා නම් නෑ. ඒ කියන්නෙ ඒ බව එළියට විදාරණය වෙලා නෑ, අපිට දකින්න තරම්.
ලංකා විදුලි සේවක සංගමයෙ රන්ජන් ජයලාල් පසුගිය දා බෝනස් ඉල්ලීමක් කරලා තිබුණා. රටේ සමස්ත වැඩකරන ජනතාවගෙ ම වැටුප් වැඩි වීමක් වෙන්න ඕන. විදුලි සේවකයන්ගෙ වැටුප් ගැනත් ජීවන වියදමට සරිලන විදිහට වැඩි වෙන්නම ඕන, විවාදයක් නෑ. මණ්ඩලේ බෝනස් සෑහෙන ලොකු ප්‍රමාණයක් කියලා කවුරුත් දන්නවා.
මේ බෝනස් ඉල්ලීමට ආව විවේචන එක්ක ඊයෙ ඔහු ඉතාම රළු විදිහට අමතලා කියනවා, මේක අපේ ආණ්ඩුව-මණ්ඩලයෙ පාලකයො අපි කියලා. ඒ වගෙ ම ලංවිම ලාබ ලබන මට්ටමට ආව කියන එක ජයලාල්ගෙ කතාවෙදි කියනවා. මේ ලාබ ලබන මට්ටමට ආවෙ කොහොම ද? මණ්ඩලේ ගිනි ගණන්වලට පෞද්ගලික සමාගම්වලින් ගන්න විදුලි ඒකකවල ගාණ අඩු කරලා ද? නැත්නම් ගසා කෑම්, දූෂණය නාස්තිය අවම කරලා ද? නෑ, ඒක වුණේ මෑත කාලෙ අති දැවැන්ත විදිහට විදුලි බිල ඉහළ දාලා- සාමාන්‍ය දරිද්‍රතා සීමාවෙ ඉන්න නිවසක පවා විදුලි බිල රුපියල් 1000කට එහා වැඩි වුණ – තත්වයක් යටතේ. මහජනතාවගෙ ජීවන වියදම වැඩි වෙන්න මේකත් හේතුවක්.
ඒ වගේ ම කජු කඩල ටිකක් පැකැට් කරන, බ්ලොක් ගල් ටිකක් ගහන, සර්විස් එකක් ගරාජ් එකක් කරන තැන් විශාල ප්‍රමාණයක් වැහිලා ගියේ විදුලි බිල දරාගන්න බැරුව. ඒ කිසිවක් තවම යථාවත් වෙලා නෑ.
ඒ සියල්ලටම වඩා මතු කරන්න ඕන වැදගත් ම කාරණාව තමා මේ වසරේ තව වතාවක් විදුලි බිල අඩු කිරීම කරන්න අවශ්‍ය විදුලි බල මණ්ඩලේ යෝජනා ටික තවමත් විදුලි බල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිසමට දීලා නෑ කියන එක. (මැතිවරණ ව්‍යාපාරයෙදි අවස්ථා කීපෙකම වත්මන් ජනපති අනුර විදුලි බිල අඩුකරන බව කියා හිටිය තත්වෙකදි පවා) කොමිසමට අනුව අවස්ථා කිහිපයකදිම ලංවිම විසින් කල් ඉල්ලගෙන තියනවා මේ යෝජනා දෙන්න. (පහුගිය සැප්තැම්බර් වෙද්දි ඒ යෝජනා දිය යුතුව තියෙනවා) ඒ අනුව මේ වසරේ විදුලි බිල අඩු කරන්න වෙන්නෑ කියලා කොමිසම කියනවා.
එතකොට මේවා ගැන කතා කරන්නෙ කවුද? වෘත්තීය සමිතිවලට පුළුවන් ජනතාව මැදට අරන් ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න. නමුත්, ජනතාව වෙනුවෙන් කතා කරන්න තියන බලවේගය මොකක්ද? ඉහත දක්වපු විදුලි බිල අඩු කිරීමේ යෝජනා ටික මාස ගාණක් තිස්සෙ කොමිසමට නොයවපු විදුලිබල මණ්ඩලේ සේවකයෝ බෝනස් ඉල්ලනවා. ජනතාවගෙ ඉහමොළ හීරෙන බිලෙන් ලාබ ලබන මණ්ඩලේ, විදුලි බිලේ අඩු කරන්න පුළුවන් පුංචිම ප්‍රමාණය ගැනවත් යෝජනා දෙන්න කල්මරණ ගමන් බෝනස් ඉල්ලන එක ආචාර්ධාර්මිකද ?
මෙව්වා ඉතින් අපිව දඬුකඳේ වදින ප්‍රශ්න !
~ සඳුන් ප්‍රියංකර විතානගේ
RN