නයිජීරියාවේ නව නීති

Date:

නයිජීරියාවේ පාසල් සිසුන් සම්බන්ධ බවට ප්‍රචලිත වූ කාමුක දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් ප්‍රචලිත වීමත් සමඟ ළමයින් සම්බන්ධ කාමුක දර්ශනවල ඡායාරූප හුවමාරු කිරීම වසර 14ක සිරදඬුවමක් ලැබිය හැකි වරදක් බවට නව නීතියක් එරට සම්මත කර තිබේ.

එරට කීර්තිමත් පාසලක සිසුන් පිරිසක් පසුගිය මාසයේ ඩුබායි සංචාරයක යෙදී සිටියදී මෙම සිද්ධිය රූගත කර තිබේ.

මේ සිදු වීම නිසා එරට ලාගෝස් ප්‍රාන්ත රජය විසින් අදාල පාසල වසා දැමීමට නියෝග කර ඇත.

ගැහැණු ළමයෙකුට අදාල පිරිමි සිසුන් විසින් මත්ද්‍රව්‍ය ලබා දෙන සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක් මෙයට හේතු වී තිබේ.

ලාගෝස් ප්‍රාන්ත නීතිවලට අනුව, බාලවයස්කරුවන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම නීති විරෝධී වේ.

මෙම සිදු වීම මාර්තු 8 සහ 14 අතර ලෝක පාසල් ක්‍රීඩා උළෙලට සහභාගී වූ සිසුන් 76 දෙනෙකුගෙන් පස් දෙනෙකු සම්බන්ධ වූ සිදු වීමකි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...