රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී , ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ තාවකාලිකව බව ද වාර්තා වේ. මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්ග්රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබුණි. ඒ අනුව මෙම අනුමැතිය ලැබී ඇත.
එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් හා ප්‍රහාරක යුධෝපකරණ කට්ටල දහස් ගණනක් ඊට ඇතුළත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.