දෙසැම්බර් මස පාර්ලිමේන්තුව රැස්වන්නේ මෙහෙමයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

ලබන 03 වනදා සිට 06 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 03 සහ 04 යන දිනවල පැවැත්වීමටයි.

දෙසැම්බර් 05 වනදා අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර, කතානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පසුගියදා පැවත්වුණි.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව ලබන 03 වනදා ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කෙරුණු අතර, එදින පෙරුවරු 09.30 සිට 05.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

දෙසැම්බර් 04 වනදා පෙරවරු 09.30 සිට පස්වරු 05 දක්වා තවදුරටත් විවාදය පවත්වා ඡන්දය විමසීම  පැවැත්වීමට ද පක්ෂ නායක එකඟතාව පල වූ අතර, අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා පිළිබඳ විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දෙදින පෙරවරු 09.30 සිට පස්වරු 05.30  දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...