විරුවන් සැමරීම සහ අප සිංහල වී ඔවුන් දෙමළ වීම ….

Date:

89 අවසානයේදී ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල විනාශ වීමෙන් පසුව 94 වර්ශයේ සිට අරගලයේදී මියගිය වීරයින් ප්‍රසිද්දියේ සැමරීම සඳහා අයිතිය ජ.වි.පෙ.ලබාගත්තේය.. නමුත් උතුරේ අරගලය සම්පූර්ණයෙන්ම විනාශවීගොස් දසක එකහමාරක් ගතවී ඇතත් ඔවුන්ට ඔවුන්ගේ කිසිවෙකු සැමරිය හැකි ඒ අයිතිය තාම ලැබී නැත.. බොහෝවිට මීට හේතුව අප සිංහල වී ඔවුන් දෙමළ වීමයි…

මේ මොහොතේ උතුරේ ජනයා ඔවුන්ගේ මළවුන් සමරන විට එය මහා විනාශයක් සේ පෙන්නා ජනමනස කුලප්පුකරන්න තැත් කරන්නේ තාමත් රාජපක්ෂවාදයෙන් ගැලවීගත නොහැකි ගෝත්‍ර බය්යන්ය.. එය අන්ත නරුම ක්‍රියාන්විතයකි.. මේ රට මේ අවාසනාවන්ත අඩියට ඇද දැමුවේද ඒ දුෂ්ඨ චින්තනය විසින් බවද සටහන් කර තබමි.

එසේම මේ මොහොතේ මේ ආන්ඩුව විරුවන් හෝ හෝ කවුරුන් හෝ වේවා ඔවුන්ගේ මළවුන් බාදාවකින් තොරව සැමරීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්නේ නම් එය ප්‍රසංසනීය වැඩකි..

එසේම යුද්ධය අවසන් වී දසක එකහමාරක් ගතවී තිබියදීත් ඔවුන්ගෙ ඉඬම්වල තාමත් හමුදාව රැඳී සිටීනම් එය එතරම් හොඳ තත්වයක් නොවේ.. එහිදී ද වත්මන් ආන්ඩුව හමුදාව රැඳී සිටින මේ ඉඬම් නැවත ඒවායේ හිමිකරුවන්ට බෙදාදීමට යන්නේ නම් එයද අගයකල යුතු කටයුත්තකි..

උතුරේ ජනයා මෙවර ඔවුන්ගේ නායකයන්ටත් වඩා ජ.වි.පෙ. නායකයන් කෙරේ විස්වාසය තබා ඇතිබව පෙනේ.. ඔවුන්ගේ එකී විස්වාස පෙරලා ආරක්ෂා කිරීම මේ ආන්ඩුවේ වගකීම විය යුතුය ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...