කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයේ වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024 නොවැම්බර් මාසය සඳහා වේ.

එයට අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වේ. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 1.0%ක් ලෙස වේ.

එමෙන්ම, 2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් ලෙස වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේශ්ට SLAAJ වෙතින් නවතම Honda Vezel මෝටර් රථයක් තෑගි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ජපානයේ නගෝයා හි...

නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : එයාර්බස් (Airbus) ගනුදෙනුවට...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...