ඩොනල්ඩ් ට්‍රම්ප් FBIහි නව අධ්‍යක්ෂකවරයා වශයෙන් කාශ්‍යප් පටෙල් නම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBIහි නව අධ්‍යක්ෂකවරයා වශයෙන් කාශ්‍යප් පටෙල් නම්කර තිබේ.

44 හැවිරිදි කාෂ් ෆෙඩරල් අභිචෝදකයෙකු සහ මහජන ආරක්ෂකයෙකු ලෙස සේවය කර තිබේ.

ට්‍රම්ප් සිය පළමු ධූර කාලය තුළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ප්‍රධානියා, ජාතික බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ත්‍රස්තවාදයට එරෙහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා ලෙස පටෙල් සේවය කර ඇත.

කාශ්‍යප් පටෙල් යටතේ FBI ඇමරිකාවේ වර්ධනය වන අපරාධ වසංගතය අවසන් කරනු ඇති බවත්, සංක්‍රමණික අපරාධ කල්ලි විසුරුවා හරිනු ඇති බවත්, දේශසීමා හරහා මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නපුරු වසංගතය නවත්වනු ඇතැයි ට්‍රම්ප් විශ්වාස කරන අතර නව FBI අධ්‍යක්ෂකවරයා පත් කිරීම සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ විශේෂිත සටහනක් යොදමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, දූෂණය හෙළිදරව් කිරීම, යුක්තිය ආරක්ෂා කිරීම සහ ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා සිය වෘත්තීය ජීවිතය ගත කළ දක්ෂ නීතිඥයෙක්, විමර්ශකයෙක් සහ ‘America First’ සටන්කරුවෙකු වන කාෂ් FBI වෙත විශ්වාසවන්තභාවය, නිර්භීතකම සහ අඛණ්ඩතාව නැවත ගෙන ඒම සඳහා නීතිපති යටතේ කටයුතු කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...