සටහන: පුන්සරා ලියනගේ
දෙසැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ABBA නාමය යනු 70 දශකයේ ගින්නක් සේ නැඟී ආ සංගීතමය අත්දැකීමක පුනරාවතාරයකි. ඉන් ඔබ්බට ගොස් 1972 දී ස්ටොක්හෝම් හි ඇග්නෙතා ෆෝල්ට්ස්කොග්, බර්න් උල්වායස්, බෙනී ඇන්ඩර්සන් සහ ඇනි-ෆ්‍රිඩ් ලින්ග්ස්ටැඩ් විසින් පිහිටුවන ලද ස්වීඩන් පොප් සංගීත කණ්ඩායමක් කිවහොත් මා නිවැරදිය.
1974 දී, ABBA හි යුරෝවිෂන් ගීත තරඟයේ ස්වීඩනයේ පළමු ජයග්‍රාහකයා වූයේ “වෝටර්ලූ” ගීතය වන අතර, එය 2005 දී එම තරඟයේ 50 වන සංවත්සර උත්සවයේ කොටසක් ලෙස තරඟ ඉතිහාසයේ හොඳම ගීතය ලෙස ද තේරී පත් විය.
සංගීත කණ්ඩායම තුළ විවාහක ජෝඩු දෙදෙනෙකු සමන්විත වීමත්, ඔවුන්ගේ ජනප්‍රියත්වය වැඩිවීමත් සමඟම පෞද්ගලික ජීවිතය තුළ දුක්ඛාන්තයක් පසුකාලීන ගීතවල අඳුරු සහ වඩාත් අභ්‍යන්තරික ගී පද ඇතුළත් වීමට හේතු විය.
1982 දෙසැම්බරයේ දී ABBA දිය බුබුලක් මෙන් විසිරී ගිය නමුත්, ඇන්ඩර්සන් සහ උල්වායස් වේදිකාව මෙන්ම, සංගීත සහ චිත්‍රපට ඇතුළු බහු ප්‍රේක්ෂකයින් සඳහා සංගීතමය ලිවීම් දිගටම කරගෙන ගියහ. ෆෝල්ට්ස්කොග් සහ ලින්ග්ස්ටැඩ් හුදකලා වෘත්තීන් අනුගමනය කළහ. කණ්ඩායම බිඳී වසර දහයකට පසු, ABBA Gold, සම්පාදනය නිකුත් කරන ලද අතර, එය ලොව පුරා වැඩියෙන්ම අලෙවි වූ නිර්මාණයක් ද වූයේ ABBA හි සංගීතමය ගමනට අලුත් පිටුවක් පෙරලමිනි.
1999 දී, ABBA හි Mamma Mia ලොව පුරා සංචාරය කළ වේදිකා සංගීතයක් වන අතර, 2024 වන විටත්, Broadway සහ West End හි දිගම ධාවන නිෂ්පාදන දහයේ තවමත් පවතී. 2008 දී එම නමින්ම නිකුත් වූ චිත්‍රපටයක් එම වසරේ එක්සත් රාජධානියේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. එහි අනුප්‍රාප්තිකයක්, Mamma Mia! Here We Go Again ලෙස ද 2018 දී ද නිකුත් කරන ලදී.
එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, අයර්ලන්ත ජනරජය, කැනඩාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ඇතුළු ඉංග්‍රීසි කතා කරන රටවල ප්‍රස්ථාරවල ස්ථාවර සාර්ථකත්වයක් අත්කර ගත් පළමු සංගීත කණ්ඩායම බවට ABBA පත් වන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය ජාත්‍යන්තරයට රැඟෙන යමිනි.
යුරෝපයේ සම්භවයක් ඇති ABBA හට එක්සත් රාජධානියේ අඛණ්ඩ අංක එකේ ඇල්බම අටක් තිබුණි. එපමණක් නොව ලතින් ඇමරිකාවේ ද සැලකිය යුතු සාර්ථකත්වයක් භුක්ති වින්ද අතර ස්පාඤ්ඤ භාෂාවෙන් ඔවුන්ගේ ජනප්‍රිය ගීත එකතුවක් ද් පටිගත කරන ලදී.
බොහෝ සංගීත කණ්ඩායම් සහ කලාකරුවන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භයේදී ඔවුන්ට ආවේනික තලයක් ඔස්සේ ගමන් ගන්නා අතර එමඟින් ස්වාභාවික ප්‍රගතියක් සමඟ නව නිර්මාණයන් ද බිහි කරයි.
1977 ජනප්‍රියම ගීතය වන “The Name of the Game” ගීතයට පෙර, ඔබට තර්ක කළ හැක්කේ ABBA විසින් ගායනා කරන ලද ගීතමය රාමුවෙන් මිඳී ආකර්ශනීය සහ නව නිපැයුම් සහිත ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි.
පොප් කල්චර් එකෙන් මිඳී හැඟීම් උද්දීපනයත් සමඟ සම්මිශ්රනයක් වෙමින් ABBA සොයා ගිය නව මානය ප්‍රේක්ෂකයන්ට මෙන්ම කලා කරුවන්ට ලබා දෙන්නේ ඒකාකාරීභාවයෙන් මිදී වෙනසක් කිරීමට පොළඹවමිනි.
ABBA හි බොහෝ වීඩියෝ මෙන්ම, මෙම වීඩියෝව ද අධ්‍යක්ෂණය කර රූගත කරන ලද්දේ Lasse Hallstrom විසිනි. වීඩියෝව අතරතුර, ABBA හි සාමාජිකයින් සිව් දෙනා Ludo සහ Fia-spel පුවරු ක්‍රීඩාවන් ක්‍රීඩා කරන දර්ශන ඇතුළත් කර තිබේ.
“The Name of the Game” මුලින්ම “A Bit of Myself” ලෙස හඳුන්වනු ලැබූ මෙම ගීතය ABBA හි ඒකාකාරී පොප් සංගීතයෙන් වෙනත් ආරෙකට යන්නේ, යුරෝපීය සහ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ABBA හි පස්වන චිත්රාගාර ඇල්බමය සඳහා පටිගත කරන ලද පළමු ගීතය ලෙසිනි. සිනිඳු ආරම්භයකින්, වේදනාකාරී පූර්ව ගායනයකින් මෙයට අමුතුම රහක් ABBA ගෙන එන්නේ, තමන්ලාගේ කොටුවෙන් බැහැරව අලුත් දෙයක් ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි.
සමහර විට විෂය පථය වෙනස් කිරීම සමහර අයට අල්ලන්නේ නැති වන්නත් පුලුවනි. නමුත් ඔවුන් දුර්ලභ දක්ෂතාවයේ සහ හැඟීම් උද්දීපනයේ රහ පොප් සංගීතයට පක්ෂව හරි රහට ඉදිරිපත් කිරීම ම අති සාර්ථක උත්සාහයකි.
I’ve seen you twice, in a short time
Only a week since we started
It seems to me, for every time
I’m getting more open-hearted
I was an impossible case
No-one ever could reach me
But I think I can see in your face
There’s a lot you can teach me
So I wanna know
What’s the name of the game?
Does it mean anything to you?
What’s the name of the game?
Can you feel it the way I do?
“The Name of the Game” පදවලින් කථකයාගේ අනාරක්ෂිතභාවය සහ අවදානමට ඇති බිය ගැන ගැඹුරින් පෙන්නුම් කරයි. අනෙක් පුද්ගලයා ඔවුන්ව පහත් කරයිද, ඔවුන්ට සිනාසෙයිද, නැතහොත් ඔවුන්ගේ සැලකිල්ල ප්‍රතිනිර්මාණය කරයිද යන්න ඔවුන් අසයි. මෙම ප්‍රශ්නවලින් හෙළි වන්නේ කථකයාගේ සහතිකය සඳහා ඇති ආශාව සහ ප්‍රතික්ෂේප වීමට ඇති බියයි. මෙම භීතිය තිබියදීත්, ඔවුන් තවමත් දැන ගැනීමට අවශ්‍ය වන්නේ අනෙක් පුද්ගලයාටද එසේ දැනෙනවාද යන්නයි.
වැරදුනොත් නඩුවක් නැත්තම් මොකක් හරි ලැබෙන්න නව මානයකට අඩියක් තියන රිස්ක් එක ජීවිතයේ කොතනක හෝ අපි තීරණය කරන අතර ලංකාවේ ද මේ වනවිට පවතින දේශපාලන වාද පිටියද ඊට ඇඟිල්ලෙන් අනින රහ මාතෘකාවකි.
ABBA ලංකා ආගමනය ද නැතිනම් ABBA ට්‍රිබියුට් එකක්ද කියලාවත් නොදන අපේ ඈයෝ මොනා කීවත් දැන් ඔවුනට අවශ්‍යව තිබූ මාර්ගය ජනතාව සලසා දී තිබෙන්නේද රිස්ක් එකක් ගනිමිනි. ලංකාව ඉල්ලුවෙත් වෙනසක් ඔන්න ඒ වෙනසේ රිස්ක් එක ජනතාව අරන්, ඉතින් ඒ වරමෙන් ගොඩ එන එක, ඔබේ වැඩක්! ABBA ගිය දුරක්!