සීනි බදු වංචාව ගැන කියන්න CID යන්න බන්දුල බැහැ කියල?

Date:

කොළඹ LNW:ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එවකට හිටපු වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (04)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇතත් අද දින එහි පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි වාර්තා වෙයි.

2020 දී මෙම බදු වංචාව සිදුව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ පාලනය ආරම්භ සමයේදීමය.

ආනයනික සීනි කිලෝවකට අයකරන බද්ද රුපියල් පනහේ සිට ශත විසි පහ දක්වා අඩු කිරීමෙන් එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජයට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට අසීමිතව ලාභ ඉපැයීමේ අවස්ථාව රජය ලබාදී තිබුණි.

එම බද්ද අඩු කළද එහි ප්‍රතිලාභයක් මහජනතාවට අත්නොවුණු අතර ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට පමණක් අතිවිශාල ලාභයක් අත්විය.

මෙම බදු වංචාවේ රජයට රු. කෝටි 1700ක් පමණ අහිමි වී තිබුණු බවටයි අනාවරණය වුණේ.

මෙම බද්ද අඩු කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක් පාරිභෝගික මහජනතාවට අත් නොවුණු බව ද තහවුරු විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...