අමාත්‍ය පෝල්රාජ්ට තවත් තනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ (LNW):

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස තේරීපත් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු අතර, මෙහිදී කාන්තාවන් සැලකිය යුතු ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තේරීපත්වීම සුවිශේෂී ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේය.

එහි නව සභාපතිනිය ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තේරීපත් වූ අතර, නියෝජ්‍ය සම සභාපතිවරින් දෙදෙනෙක් ද තෝරා ගෙන ඇත . චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මන්ත්‍රීවරියන් දෙදෙනා එළෙස පත්වී ඇත.

රටේ සෑම කාන්තාවක්ම සුරක්ෂිතවන රටක් නිර්මාණය කිරීම සංසදයේ අපේක්ෂාව බව මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...