හින්දු ආගමිකයින්ට එරෙහිව බංග්ලාදේශයේ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයට විරෝධය පා නිහඬ විරෝධතාවක්!

කොළඹ LNW: හින්දු ආගමිකයින්ට බංග්ලාදේශය තුළ සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩකාරී හැසිරීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ ලෝක හින්දු සම්මේලනය අද (05) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

නිහඬ විරෝධයක් ලෙස පැවති එම සංකේත විරෝධය තුළ බංග්ලාදේශයේ හින්දු බැතිමතුන්ට සහය පළකරමින් ඔවුන්ගේ ආගමික නිදහස් ආරක්ෂා කරගැනීමට ලෝක ප්‍රජාව මැදිහත්විය යුතු බවටයි මෙරට ලෝක හින්දු සම්මේලනය අවධාරණය කළේ.

බංග්ලාදේශයේ ආගමික අන්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවන හින්දු පුජකවරු නිදහස් කරන ලෙසද එහිදී බලකෙරුණි.

සිය ඉල්ලීම් රැගත් සන්දේශයක් මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය භාර දීමටද විරෝධතාකරුවන් කටයුතු කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...