තවත් නඩුවකට දින!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ (LNW):

මහර බන්ධනාගාරයේ 2020 වසරේ දී ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ නඩුව මාර්තු මස 17 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත. මෙම පෙත්සම අදාළ ගැටුමේදී මිය ගිය සිරකරුවකු වන සම්පත් පුෂ්ප කුමාර නමැත්තාගේ බිරිඳ විසින් ඉදිරිපත් කර තිබුණ බව පැවසේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත්, ඒ අනුව සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබූ බව ද පෙත්සම් පාර්ශවයේ නීතිඥවරයා පැවසූ බව සඳහන් වේ.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගැනීමට අපහසු බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත්, ඊට දැඩි විරෝධය පළ කළ පෙත්සමේ නීතිඥවරයා සැකකරුවන්ට එරෙහිව නඩු පවරන බවට නීතිපතිවරයා මීට පෙර දැනුම් දී තිබූ බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසූ බව සඳහන්.

නීතිපතිවරයාට මේ ආකාරයෙන් ස්ථාවර දෙකක් දැරීමට හැකියාවක් නොමැති බවත් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිට ඇත. ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 17 වන දා කැඳවන ලෙස නියෝග කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...