අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ පාලක ලේකම් ඇප මත නිදහස්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහවිරු සැමරුම් සම්බන්ධ වීඩියෝ පට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කර ඇත්තේ.

අදාළ වීඩියෝ පට නිර්මාණය කළ පුද්ගලයින් හා ඒවා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට උඩුගත කළ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් සිදුකර ඇත්දැයි අතිරේක මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී CID නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ එවන් විමර්ශනයක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව එම වීඩියෝ පට සකස් කළ සහ උඩුගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් නොපවත්වා ඒවා හුවමාරු කළ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීම කොතරම් යුක්ති සහගත දැයි CID නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමටත් පැමිණිල්ල 2025 ජුනි 10 වනදා නැවත කැඳවීමටත් නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...