සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් දේශපාලන රැකවරණය පතා මොස්කවූ වෙත පලායයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : විපක්ෂයේ සිරියානු සටන්කාමින් විසින් දමස්කස් අල්ලා ගැනීමත් සමඟ වසර 50කට අධික කුරිරු ආඥාදායක පාලනයකින් පසු අසාද් පවුලට සිරියාවේ පාලනය අහිමි වී තිබේ.

මේ හේතුවෙන් දේශපාලන රැකවරණය පතා ජනාධිපති බෂාර් අල්-අසාද් සහ ඔහුගේ පවුලේ අය මොස්කව් වෙත පලා ගොස් ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

අල්කයිඩා අනුබද්ධිත ආයතනයකින් පිහිටුවන ලද HTS ප්‍රධාන කැරලිකාර කණ්ඩායමේ නායක අබු මොහොමඩ් අල්-ජොලානි, දමස්කස්හි ඔහුගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේදී අසාද් පෙරලා දැමීම සමස්ත ඉස්ලාමීය ජාතියේ ජයග්‍රහණයක් ලෙස හැඳින් වූ අතර සුළු ජාතීන් ආරක්ෂා කරන බව පවසා ඇත.

අසාද්ගේ පාලනය බිඳ වැටීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, මෙම අවස්ථාව සිරියාවේ දීර්ඝ කාලීනව දුක් විඳින ජනතාවට යහපත් අනාගතයක් ගොඩනැගීමට ඓතිහාසික අවස්ථාවක් වන බවයි. කෙසේ නමුත් නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය සිරියාවේ යුද්ධයට සම්බන්ධ නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...