මාරාන්තික වෛරස සාම්පල සිය ගණනක් අහිමි වූ සිදුවීමක් සමාජ මාධ්‍ය කලඹවයි!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):2021 දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි මහජන සෞඛ්‍ය වෛරස් විද්‍යාගාරයක අධිශීතකරණයක් ක්‍රියා විරහිත විය. මෙම සිදුවීම මාරාන්තික වෛරස් අඩංගු කුප්පි සිය ගණනක් වෙනත් ගබඩා කුටියකට කඩිනමින් ගෙන යාමට හේතු වූ අතර ඒවාහි ස්ථාන මාරුව කඩිමුඩියේ සහ නිසි ලියකියවිලි නොමැතිව සිදු කර ඇතැයි වාර්තා වෙයි.

2023 අගෝස්තු වන විට, මෙම කුප්පි බොහොමයක් කොහේදැයි නොදන්නා බව බලධාරීන් වටහා ගත් අතර ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ජෝන් ජෙරාඩ් මේ සතිය මුලදී හෙළි කළේ කුප්පි 323 ක් පමණ මුළු වශයෙන් අස්ථානගතව ඇති බවයි.

අතුරුදහන් වූ කුප්පි අතරට හෙන්ඩ්‍රා වෛරසයේ සාම්පල 100කට ආසන්න ප්‍රමාණයක්, හැන්ටා වයිරසයේ සාම්පල දෙකක් සහ lyssavirus වයිරස සාම්පල 223ක් ඇතුළත් වේ.

පසුගිය වසර පහ තුළ ක්වීන්ස්ලන්තයෙන් හෙන්ඩ්‍රා වෛරසය හෝ ලයිසා වයිරසය පිළිබඳ කිසිදු මානව රෝගියෙකු වාර්තා වී නොමැති බවත් ඔස්ට්‍රේලියාවේ ඉතිහාසයේ හන්ටා වයිරස රෝගියෙකු පිළිබඳ වාර්තා වී නොමැති බවත් අවධාරණය කරයි.

නමුත් මේ වනවිට මේ වෛරස සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා විශාල කතාබහක් ඇති ව තිබේ. සාමාන්‍ය රසායනාගාර අපද්‍රව්‍ය සමඟ මෙම වෛරස කුප්පි නොදැනුවත්වම ඉවත දැමිය හැකි යැයි සමහරු බිය වෙති. එපමණක් නොව එම වෛරස සාම්පල කවදා හෝ හමු වුවහොත් මිනිසුන් අවදානමට ලක් කළ හැකි අඳුරු පැතිකඩක් ද ඊට පවතින බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...