යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය ජනාධිපති යූන්ගේ කාර්යාලය වටලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කරමින් ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය අර්බුදයට ඇද දමමින්, පාක්ෂිකයන් අතර තැතිගැන්මක් ඇති කළ පියවරක් වූ යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය පසුගිය සතියේ ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ කාර්යාලය වටලා තිබේ.

දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, ජනාධිපති කාර්යාලය සහ අනෙකුත් ආයතන වටලා ඇති බව විශේෂ විමර්ශන ඒකකයක් තහවුරු කළ නමුත් යූන්ගේ ආරක්ෂකයින් නිලධාරීන්ට ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළු වීම වළක්වා ඇති බවයි.

මෙම තොරතුරු අනාවරණය වුයේ කැරැල්ලක් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවට චෝදනා මත යූන්ගේ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් ඉරිදා සිට ඔහු රඳවා සිටි සෝල් හි රැඳවුම් මධ්‍යස්ථානයක අත්අඩංගුවේ සිටියදී සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවට වාර්තා වීමත් සමඟය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...